(Go: >> BACK << -|- >> HOME <<)

Jump to content

විකිපීඩියා

විකිපීඩියා වෙතින්
10:30, 9 අගෝස්තු 2021 වන විට 2402:4000:b180:bb7d:1:0:81fe:ef34 (සාකච්ඡාව) විසින් සිදු කර ඇති සංශෝධන

සුවිශේෂ ලක්ෂණ

ව්‍යාපෘතියේ විශාලත ම භාෂා සංස්කරණයන් පෙන්වන​, විකීපිඩියාවේ බහු භාෂා පිවිසුම​ http://www.wikipedia.org.

"සැමට දායක විය හැකි නිදහස් විශ්වකෝෂය" යන්න විකිපීඩියාවේ උදාන වැකිය යි.

"පෘථිවිය මත ජීවත් වන සෑම අයෙකුට ම ස්ව භාෂාවෙන්, ලබා ගත හැකිත්, දායක විය හැකිත්, හැකි උපරිමයෙන් උසස් බවින් යුතු වූත් නිදහස් විශ්වකෝෂයක් නිර්මාණය කිරීම හා බෙදා හැරීම"[1] යනු වශයෙන්, මෙම විශ්වකෝෂ ව්‍යාපෘතියේ ආරම්භකයා වන ජිමී වේල්ස් (Jimmy Wales) ව්‍යාපෘතියේ අරමුණු පැහැදිලි කරයි. විකිපීඩියාව බ්‍රිටැනිකාව තරමට හෝ ඊට්ත් වඩා ගුණාත්මක බවින් දියුණු කොට මුද්‍රණයෙන් එළි දැක්වීම ජිමී වේල්ස් ගේ අභිප්‍රාය යි.

විකිපීඩියාව wikipedia.org යන වෙබ් අඩවිය තුළ " විකි" (wiki) නම් මෘදුකාංග වර්ගයක් උපයෝගි කර ගනිමින් වර්ධනය කරනු ලැබේ. මෙම විකි යන යෙදුම භාවිත වූයේ විකිවිකිවෙබ් (WikiWikiWeb) යන්න සඳහා ය​. විකි විකි යනු "ඉක්මන්" යන අරුත දෙන හවායි වදනකි.

වෙනත් අන්තර්ජාල විශ්වකෝෂ ව්‍යාපෘති කිහිපයක් ද පවති. ඇතැම් ඒවා මේ වන විට අක්‍රීයව පවති. මෙම ඇතැම් ව්‍යාපෘති, සංස්කරණ හා හිමිකම් පිළිබඳ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති අනුගමනය කරනු ලබයි. විශේෂඥයන් විසින් ලියනු ලබන දර්ශනය ගැන ස්ටැන්ෆර්ඩ් විශ්වකෝෂය (Stanford Encyclopedia of Philosophy) හා දැනට​ අක්‍රීයව පවතින න්‍යුපීඩියාව (Nupedia) එවැන්නන් ය​. තනි පුද්ගලයන් විසින් පවත්වාගෙන යන ලිපි වලින් සමන්විත h2g2, Everything2 වැනි වෙබ් අඩවි අවධිමත් ලෙස, තොරතුරු සොයන්නන්ට මග පෙන්වයි. විකිපීඩියාව​, Susning.nu, එන්සික්ලොපීඩියා ලිබ්‍රෙ (Enciclopedia Libre) විකි විශ්වකෝෂ ව්‍යාපෘති වන අතර කතුවරු විශාල ගණනක් එහි අන්තර්ගතයන් සම්පාදනය කරති; සංවර්ධනය කරති. ඒවා සංශෝධනය කිරීමේ දී පිළිගත් ක්‍රමවේදයක් නැත​. ලිපි ගණන අතිනුත්, අන්තර්ගත වචන සංඛ්‍යාව අතිනුත්, විකි විශ්වකෝෂ අතර පෙරමුණ ගැනීමට විකිපීඩියාව සමත්ව ඇත​. අනෙක් බොහෝ විශ්වකෝෂ මෙන් නොව, විකිපීඩියාව එහි අන්තර්ගතය GNU නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ බලපත්‍ර ගත කොට ඇත​.

අන්තර්ගත කළ යුතු තොරතුරු සම්බන්ධයෙන් විකිපීඩියාව සතුව ප්‍රතිපත්ති පද්ධතියක් ඇත​. අන්තර්ගතයන් එකතු කළ යුතු ද​; ප්‍රතිශෝධනය කළ යුතු ද​; සහෝදර ව්‍යාපෘතියකට බැර කළ යුතු ද​; නැතිනම් ඉවත් කළ යුතු ද​, යනුවෙන් අන්තර්ගතයන් සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුණු විට මෙම ප්‍රතිපත්ති උපුටා දක්වනු දැක ගත හැකි ය​.


නිදහස් අන්තර්ගතය

හිමිකම් පැවරූ හිමිකම් බලපත්‍රයක් වන GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ (GNU Free Documentation License), විකිපීඩියා ලිපි ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ. මෙම බලපත්‍රය මගින් යම් නිර්මාණයක් නැවත බෙදා හැරීමට, එයට වෙනස් කම් කිරීමට, හා වාණිජ අරමුණු සඳහා භාවිතා කිරීමට අවසර දෙන අතර, එහි දී මුල් කතුවරයා සඳහන් කළ යුතු වේ. එම නැවත භාවිතාවන් ද GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිකුත් කළ යුතු ය​. විකිපීඩියා ව්‍යාපෘතියට බැර කරන අන්තර්ගතයන් GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිදහස් වන අතර හිමිකම් මුල් කතුවරයා සතුව ම පවතී. විකිපීඩියාවේ සෑම ලිපියක ම පෙළ GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නැවත භාවිතාවන්ට නිදහස් ය​. නමුත් සැලකිය යුතු තරමේ ඡායාරූප හා හඬ පට ප්‍රමාණයක් නිදහස් ඒවා නොවේ. ආයතනික ලාංඡන, ගීත සාම්පල​, හිමිකම් සහිත ප්‍රවෘත්ති ඡායාරූප වැනි දෑ යහ භාවිතාවන් උදෙසා භාවිත කිරීමේ හිමිකම සහිතව විකිපීඩියාව තුළ නැවත භාවිතා කරනු ලැබේ. අතැම් මාධ්‍ය, විකිපීඩියාව තුළ පමණි හා අන්තර්ගතය වෙනස් නො කොට යුතු ය​ යන කොන් දේසි යටතේ විකිපීඩියාවට ලබා දී ඇත​.[2] කෙසේ නමුත් ඇතැම් විකිපීඩියා සංස්කරණයන් සඳහා වලංගු වන්නේ නිදහස් මාධ්‍ය පමණි.

මාධ්‍ය​, විද්වත්හු, හා සෙසු අය විකිපීඩියාව මූලාශයක් වශයෙන් හා අතිරේක කියවීමක් වශයෙන් භාවිතා කරති. ප්‍රවෘත්ති ආයතන ඇතැම් විටක තමන් ගේ මූලාශ්‍රයක් වශයෙන් විකිපීඩියා ලිපි සඳහන් කරති.[3] විකිපීඩියාවේ සංස්කාරකවරුන් පවත්වාගෙන යන ලයිස්තු වලට අනුව, ප්‍රවෘත්ති මාධ්‍ය නිතර ම පාහේ විකිපීඩියා ලිපි උපුටා දක්වා ඇත​.[4] ඉතා කලාතුරකින් විකිපීඩියා ලිපි ශාස්ත්‍රීය කටයුතු, ග්‍රන්ථ කටයුතු, සම්මන්ත්‍රණ, හා අධිකරණ කටයුතු සඳහා භාවිතා කොට තිබේ. කැනඩා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය C-38 පනතෙහි වැඩිදුර කියවීම් ලයිස්තුවට සම ලිංගික විවාහ සම්බන්ධයෙන් වන විකිපීඩියා ලිපිය අන්තර්ගත කොට තිබීම නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය​.[5] විකිපීඩියාව හා සම්බන්ධ මෙවැනි භාවිතාවන් ගැන අසම්පූර්ණ ලයිස්තු විකිපීඩියානුවෝ පවත්වා ගෙන යති.[6]

විවිධ හාෂාමය සංස්කරණ

ප්‍රධාන භාෂා කිහිපයක, විකිපීඩියා සංස්කරණයන් ගේ වර්ධනය(වසරට එරෙහිව ලිපි ප්‍රමාණය​)

2005 මාර්තු වන විට විකිපීඩියාව "ක්‍රියාකාරී" භාෂා සංස්කරණයන් 119 කින් සමන්විත කවයක් සාදයි.[7] එහි විශාලත ම සංස්කරණයන් පහ අවරෝහණය වන පිළිවෙළින්, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ​, ජපන්, හා පෝලන්ත​ වේ. සමස්ථයක් වශයෙන් ගත් කල, මිලියන 2.6 ක් පමණ වන සමස්ථ ලිපි සංඛ්‍යාවකින් යුත්, වෙනස් තත්ත්ව යටතේ ඇති භාෂා සංස්කරණයන් 205 කින් විකිපීඩියාව සමන්විත වේ.[8]

භාෂා සංස්කරණයන් එකිනෙකාගෙන් ස්වායක්ත ය​. එක් සංස්කරණයක අන්තර්ගතය අනෙක් සංස්කරණයන් හා බැඳී නො පවතින අතර​, සියල්ලෝ ම "මධ්‍යස්ථ දර්ශනය" අනුගමනය කරති. නමුත් ලිපි, පරිවර්ථනය කරන්න ඉල්ලීම් මගිනුත්, ඡායාරූප, විකිමීඩියා නිදහස් මාධ්‍ය ගබඩාව මගිනුත්, භාෂා සංස්කරණයන් අතරේ බෙදා හදා ගනු ලැබේ. එහෙත් ඕනෑ ම භාෂා සංස්කරණයක පවතින පරිවර්තිත ලිපි සංඛ්‍යාව එහි පවතින සම්පූර්ණ ලිපි සංඛ්‍යාවෙන් අල්ප ප්‍රමාණයක් බව සඳහන් කිරීම වටී.[9]

විකිපීඩියාව සතු වන භාෂා සංස්කරණයන් ගේ පරාසය​: විකිපීඩියා හීබෲ භාෂා සංස්කරණය.

සංස්කරණය

සියලු ගමිකයන්හට පාහේ විකිපීඩියා ලිපි සංස්කරණය කිරීමේ හැකියාව ඇති අතර, ලේඛනගත පරිශීලකයන් හට නව ලිපි තැනීම හා ඒවායේ වෙනස්තම් ක්ෂණයකින් ප්‍රදර්ශනය කරවීම සිදු කල හැක. විවෘත-මූලාශ්‍ර මෘදුකාංග ප්‍රවර්ධනය වන ආකාරයටම, පරිශීලකයන් අතර සහයෝගීත්වය අනුසාරයෙන් ලිපි වල තත්ත්වය දිනෙන් දින දියුණුව සිදුවේ යැයි යන අපේක්ෂාවෙන් විකිපීඩියාව පදනම්ව ඇත.

ලබාගතහැකි මාධ්‍ය

සංයුක්ත සහ අංකිත වීඩියෝ තැටි මගින්ද විකිපීඩි‍යා තොරතුරු ලබාගත හැක.

ඉතිහාසය

න්‍යුපීඩියාවෙන් ඇරඹි විකිපීඩියාව​.

විකීපීඩියාව ආරම්භ කරන ලද්දේ නූපීඩියා වෙහි අනුපූරකයක් වශයෙනි, එය නිදහස් මාර්ගගත  විශ්වකෝෂ ව්‍යාපෘතියක්  වන අතර විදිමත් ක්‍රම මගින් එහි ලිපි ලියන ලද්දේ ප්‍රවීණයන් විසිනි.

මෘදුකාංග සහ දෘඪාංග

සොයුරු ව්‍යාපෘති

විකල්ප අක්ෂර ක්‍රමයන්

මේවාත් සුදුසුදැයි බලන්න

== ග්‍රන්ථ == කලුවා මාරපන් ගියා වගේ

වැඩිදුර අධයයනය

බාහිර පරිශීලක

මූලාශ්‍ර

සටහන්


"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා&oldid=487152" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි